හොරාගේ අම්මාගෙන් පේන අහන වැඩේ වරදී! මහ බැංකු වෝහාරික විගණන වාර්තා ප්‍රසිද්ධ නොකෙරේ!

January 7, 2020 at 4:28 pm | by emanisa.lk

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකර ඇති වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම අවස්ථාවේදී ඉදිරිපත් කිරීම සුදුසු නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා ලිඛිතව කථානායක කරු ජයසුරියට දැනුම් දී තිබේ.

මෙම වෝහාරික විගණන වාර්තාව ලබාදෙන්නැයි පසුගිය 03 වැනිදා තමන්ට ඉදිරිපත්ව තිබූ ඉල්ලීම සම්බන්ධයෙන් කතානායකවරයා විසින් නීතිපතිවරයාගෙන් කළ විමසීමකට නීතිපතිවරයා මෙසේ ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව නීතිපතිවරයා කතානායකවරයා වෙත වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් නීති කෘත්‍ය ආරම්භ කර ඇති බැවින් හා ඉදිරියේදී තවදුරටත් නීති කෘත්‍ය සිදුවිය හැකි බැවින් එම වාර්තා මේ මොහොතේ මන්ත්‍රීවරුන්ට ලබාදීම සුදුසු නොවන බවය.

මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මෙම විගණනය විගණන දෙපාර්තමේන්තුව සිදුකළ යුතු වුවද සිදුකර ඇත්තේ මහ බැංකුව විසින්මය. මෙය හොරාගේ අම්මාගෙන් පේන ඇහීමක් බව බොහෝ දෙනාගේ මතයයි. ඒ සඳහා රු. මිලියන 900කට අධික මුදලක් වැය කර තිබේ.

මෙම වෝහාරික විගණන වාර්තා ජනගත කිරීම සඳහා බැඳුම්කර වංචාව පිළිබඳ වාර්තාවට ෆුට් නෝට් තබමින් විකෘති කිරීමට ඉඩ දුන් ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති විශාල වෙහෙසක් ගත්තේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස