බ්‍රැන්ඩික්ස් පොකුර මඩින්න එලියන්ත වයිට් සූදානම්! වැලිසර සහ කන්දකාඩුවලට වගේ ම කුණ්ඩලිනී ශක්තිය යොදනවා!

October 12, 2020 at 4:48 pm | by emanisa.lk

ගම්පහ බ‍්‍රැන්ඩික්ස් ආයතනය කේන්ද‍්‍ර කරගෙව ඇති වී තිබෙන කොරෝනා පොකුර පාලනය කිරීම සඳහා කුණ්ඩලිනී ශක්තිය යොදාගෙන ආශිර්වාද කිරීමේ කටයුතු ආරම්භ කිරීමට වෛද්‍ය එලියන්ත වයිට් තීරණය කර ඇතැයි අද මව්බිම පුවත්පත වාර්තා කරයි.

එසේ ආශීර්වාද කරන ලෙස රජයේ නියෝජිතයන් විසින් ඔහුගෙන් ඉල්ලීම් කර ඇති බවත් ඒ ගැන ඒලියන්ත වයිට් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් අතර සාකච්ඡාවක් සිදු වී ඇතැයි ද සඳහන් වෙයි.

වැලිසර නාවික හමුදා කඳවුරේ හා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඇති වූ කොරෝනා පොකුර පාලනය සඳහා ද ඔහුගේ ආශිර්වාද කරන ලද බවත් මිනුවන්ගොඩ පොකුර පාලනය සඳහා ද එම ආශිර්වාදය සිදු කිරීමට ඔහු තීරණය කර ඇති බවත් එම වාර්තාවේ දැක්වෙයි.

තම ආශිර්වාදය සෞඛ්‍ය බලධාරීන් ආරක්ෂක අංශ බුද්ධි අංශ ඇතුළු සියලු දෙනා කරන විශාල කැප කිරීම සහයෝගයක් බව ද ඔහු තව දුරටත් සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස