මිනුවන්ගොඩ කම්හලේ 495ක් රට පුරා! 125ක් නිරෝධායනයට යොමු කර අවසන්! – හමුදාපති

October 6, 2020 at 11:58 am | by emanisa.lk

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ සේවයේ නියුතුව සිටි 1800ක් පමණ සේවක පිරිස අතරින් 495ක් හැර සියලු දෙනා මිනුවන්ගොඩ දිවුලපිටිය ආදී දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල නිවැසියන් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඉතිරි 495 දෙනා අතරින් ද 125ක් ඊයේ රාත්‍රී සිට යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැඟෙන ගොස් ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මෙම ආයතනයේ 1400ක ප්‍රමාණයක් සේවයේ නියුතු වෙනවා. තවත් 400ක ප්‍රමාණයක් සනීපාරක්ෂක සේවය අනුයුක්තව සිටිනවා.

මේ අයගෙන් 495ක් හැරුණු කොට ගෙන අනෙක් සියලු දෙනාම සිටින්නේ, ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශය තුළයි. ඉතිරි 495 දෙනා ලංකාවේ විවිධ ප්‍රදේශවල ලිපිනයන් සඳහන් අයවලුන්.

මොවුන්ගේ සේවය මේ වන විට නවත්වා සිටින නිසා කර්මාන්ත ශාලාවේ එම බලප්‍රදේශවලින් පිටත්ව ගිහින් සිටිය සියලු අය ඊයේ දිනයේ දී හඳුනා ගෙන ඊයේ රාත්‍රීයේ සිට මේ වන විට 125 දෙනෙක්ට වැඩි ප්‍රමාණයක් යුද හමුදාවේ නිරෝධායනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් වෙත රැගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා.

ඉතුරු බහුතරය ඉන්නේ මේ කියන ප්‍රදේශයේ. ඒ නිසා තමයි රට වැසීමේ තත්ත්වයකට අපි ගිහින් නැත්තේ. රට වසා දැමීම ඉතාම පහසුයි. නමුත් ඒක නෙමෙයි රට ඉදිරියට යන අතර මේකත් කොහොම හරි පාලනය කරන්න තමයි අපි කතිකා කරගෙන තියෙන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස