බ්‍රැන්ඩිස් ආයතනය ඉන්දියාවෙන් කොරෝනා ආනයනය කළ බවට චෝදනා?

October 7, 2020 at 5:07 pm | by emanisa.lk

රට තුළ දෙවැනි කොරෝනා රැල්ලක් මතු කරමින් ආසදිතයින් පොකුරක් මතු වූ බ්‍රැන්ඩික්ස් ආයතනය පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලානාත්මක තොරතුරු සමූහයක් සංසරණය වෙමින් පවති.

වට්ස් ඇප් ඔස්සේ සංසරණය වන එක්තරා ප්‍රශ්නාවලියක් මගින් බ්‍රැන්ඩික්ස් සමූහයට ප්‍රශ්න 7ක් ඉදිරිපත් කර ඇත. පළමු ආසාදිතයා හමු වූ අවස්ථාවේදී බ්‍රැඩික්ස් ආයතනය මගින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළාක් මෙන් මෙම ප්‍රශ්නාවලියට ද පිළිතුරු ලබා දී තමන්ගේ නිවැරදිභාවය සනාථ කරන මෙන් එමගින් ඉල්ලා ඇත.

බ්‍රැන්ඩික්ස් කම්හල්වලට ලැබී තිබුණු දරාගත නොහැකි තරම් වූ ඇනවුම් සකස් කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් සමූහයට අයත් ඉන්දියානු කම්හල්වලින් මෙරටට සේවකයින් ගෙන් වූ බවය.

එසේ ගෙන්වීමේ දී නිරෝධායන කටයුතු රජයට බරක් නොවී තමන් විසින්ම සිදු කරන බවට බ්‍රැන්ඩික්ස් සමූහය පොරොන්දු වුවත් ශ්‍රී ලංකාවේ නිරෝධායන නීති කඩ කරමින් අදාල පිරිස් දින 7ක් පමණක් නිරෝධායනය කර සමාජයට මුදා හැර ඇති බවත් මේ චෝදනා අතර වේ.

මේ සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් ආයතනය අද දිනය ඇතුළත පිළිතුරු ලබා දෙන්නට කටයුතු කරන බව මාධ්‍ය වෙත දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *