මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට නිරෝධායන නියෝගයක්! සවස 04ට පෙර ස්ථාන 14කට වාර්තා කරන ලෙස පොලිස් දැනුම් දෙයි!

October 7, 2020 at 3:33 pm | by emanisa.lk

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ගම්පහ ප්‍රදේශයේ පදිංචි හෝ නවාතැන් ගෙන සිටින සියලුම දෙනා වෙත නිරෝධායන නියෝගයක් නිකුත් කර තිබේ.

එම නියෝගයට අනුව ඔවුන් අද සවස 4.00ට හෝ ඊට පෙර පහත සඳහන් ස්ථාන වෙත පැමිණිය යුතු බව පොලිසිය දන්වයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ අදාළ නියෝගයට අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සියලුම සේවක සේවිකාවන් කටයුතු කළ යුතු බවය.

ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණය
ගනේමුල්ල පොලිස් ස්ථානය ඉදිරිපිට
මිනුවන්ගොඩ යකහටුව හන්දිය
වේයන්ගොඩ පොලිස් ස්ථාන ක්‍රීඩාංගණය
නිට්ටඹුව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
පල්ලෙවෙල තැපැල් කන්තෝරුව අසල
මීරිගම ප්‍රධාන බස්නැවතුම්පොළ
වීරගුල පොලිස් ස්ථානය ඉදිරිපිට
යක්කල මිරිස්වත්ත ප්‍රාදේශීය සභාව අසල
මල්වතු හිරිපිටිය නෙල්ලිගහමුල්ල ඉන්ධන පිරවුම්හළ අසල
වැලිවේරිය පොලිස් ස්ථානය අසල
කිරිඳිවැල වෑකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල
දොම්පේ පොලිස් ස්ථානය අසල
පූගොඩ පැල්පිට කණිෂ්ට විද්‍යාලය අසල

මේ වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ආයතනයේ තවත් පුද්ගලයින් 190කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1022ක දක්වා ඉහළ ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස