බ්‍රැන්ඩික්ස් සමාගමට එරෙහිව පරීක්ෂණයක්! නිරෝධායන නීති කඩලා නම් දඬුවම් කරනවා! – කම්කරු ඇමති

October 10, 2020 at 3:54 pm | by emanisa.lk

මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ආයතන සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නියෝග කර තිබේ.

රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ග උපදේශ මෙරට සියලු පුරවැසියන්ට සේ ම බ්‍රැන්ඩික්ස් සමාගමට ද අදාළ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

සමාගම එම සෞඛ්‍ය නිර්දේශය අනුගමනය කර නැත්නම් නිරෝධායන නීති යටතේ ඔවුන්ට විරුද්ධව කටයුතු කරන බව සඳහන් කර ඇත.

සමාගම විසින් නිසි පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර නැතැයි වෘත්තීය සමිති චෝදනා එල්ල වීම මත මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කරයි. අදාළ පැමිණිලි කම්කරු කොමසාරිස්වරයා වෙත යොමු කරන ලෙස ද අදාළ වෘත්තීය සමිති වෙත ඇමතිවරයා දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස