පිළියන්දල සිළුමිණි පිරිවෙන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි! හිමිවරුන් 75ක් නිරෝධායනයට!

October 14, 2020 at 5:30 pm | by emanisa.lk

පිළියන්දල, කහපොල ප්‍රදේශයේ පිහිටි සිළුමිණ සෑය පිරිවෙනේ හිමිවරුන් 75 දෙනෙකු ඇතුළු 90 දෙනකු එම පිරිවෙන තුළ ම අද (14) නිරෝධායනය ලක් කළ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

එහි වැඩ වසන හිමිනමකගේ මවක් පසුගිය දිනක එම හිමි නම බැලීම සඳහා පැමිණ පිටව යාමෙන් අනතුරුව ඇයට කොවිඩ් ආසාදිත වෛරසය ශරීරගතවී ඇති බවට වාර්තාවීමෙන් අනතුරුව මෙම හිමිවරුන් පිරිස සහ අනෙකුත් පිරිස නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන තිබේ.

වෛරසය ආසාදනය වූ එම හිමිනමගේ මව මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවට සම්බන්ධ කොවිඩ් ආසාදිතයෙකු ගේ ආශ්‍රිතයෙක් බවට හඳුනා ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස