Corona# පූර්ණ සුවය ලද පිරිස 1000 ආසන්නයේ! වැලිසර පොකුර නිවෙන්න ආසන්නයි! සක්‍රීය විදෙස් පොකුර විතරයි!

June 8, 2020 at 2:20 pm | by emanisa.lk

අද (08) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 990 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතව සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 34 දෙනෙකු සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 522 දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ වැලිසර නාවික කඳවුර තුළ සියලුම දෙනා පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකර අවසන් බවයි.

ඊයේ(07) දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 21කි. ඒ අතරින් 16 දෙනකුම කුවේට්හි සිට පැමිණ ත්‍රිකුණාමලය සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින කණ්ඩායමට අයත්ය.

බ්‍රිතාන්‍යයේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි දෙදෙනෙකුද ආසාදිතයින් ලෙස ඊයේ හඳුනා ගැනුණි. තවත් දෙදෙනෙකු කටාර්හි සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය වන අතර අනෙක් පුද්ගලයා බංග්ලාදේශයේ සිට පැමිණ රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙකි.

ඊයේ දිනය තුළ නාවික හමුදාවෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැති අතර අද වන විට කොරෝනා ආසාදිත 834 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස