අංගොඩින් පැන්න ආසාදිතයා ආ ගිය තැන් මෙන්න! ආශ්‍රිතයන් නිරෝධායනයට! ආගිය තැන්වල CCTV දර්ශන මාධ්‍යයට! (video)

July 24, 2020 at 8:16 pm | by emanisa.lk

අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ දී සොයා ගැනීමට පොලීසිය සමත් විය.

එම ස්ථානයට ඔහු පැමිණි ත්‍රීරෝද රථය සොයාගත් අතර එහි රියදුරා නිරෝධායන කිරීමට කටයුතු කර තිබේ.

මෙම පුද්ගලයා අලුයම දෙකට පමණ රෝහලින් එළියට පැමිණ බොහෝ දුරක් පා ගමනින් පැමිණ තිබේ. ඔහුගේ ප්‍රකාශ සහ ත්‍රිරෝද රථ රියදුරාගේ ප්‍රකාශ පරස්පර වීම නිසා අදාළ රෝගියා පැමිණියේ යැයි සැක කරන මාර්ගවල CCTV කැමරා පරික්ෂාවට ලක් කර තිබේ. එහි ඇතැම් දර්ශන ද මෙහි ඇතුළත්ය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ එම ආසාදිතයා සහාය සොයාගැනිමට සහයදුන් කොළඹ ජාතික රෝහලේ සියලු කාර්ය මණ්ඩලය සේවකයන්ට ත්‍යාග මුදල් ලබාදීමට තීරණය කර ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස