Corona# මුළු ආසාදිතයන් 2010යි! සුවපත් පිරිස 80% ඉක්මවයි! සුවපත් නාවික පිරිස 90% ඉක්මවයි!

June 26, 2020 at 6:26 pm | by emanisa.lk

අද (26) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1619කි.

මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2010ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (25) දිනයේ තවත් ආසාදිතයින් 09 දෙනෙකු හඳුනාගැනීමත් සමගය.

ඉන් රෝගින් 06 දෙනකු නාවික හමුදා සාමාජිකයින් වන අතර ඒ විදත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පිරිසකි.

අනෙක් තිදෙනා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්ව සිටි මුහුදු ආරක්ෂකයින් කණ්ඩායමකි.

මෙරට නාවික හමුදා සාමාජිකයින් 904 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත් අතර ඉන් තවත් 09 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 820 දක්වා අද ඉහළ ගියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *