පාස්කු ප්‍රහාරය ගැන ඊබ්‍රාහිම් වගේම ගෙදර අනිත් අයත් දැනගෙන ඉඳලා! – ජනපති කොමිසමේදී හෙළිවෙයි…

June 7, 2020 at 2:43 pm | by emanisa.lk

දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි තෙමහල් නිවෙස තුළ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් එම නිවසේ පදිංචිව සිටි සියලු දෙනාම දැනුම්වත්ව සිටි බව තමන්ට හැඟීගිය බව පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව විමර්ශනය කරන කොමිසම හමුවේ සාක්ෂි දුන් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් (48948) වසන්ත සිසිර කුමාර විජේසිංහ සඳහන් කළේය,

බෝම්බ පිපිරීම් දෙකක් එම ස්ථානයේදී සිදුවූ අවස්ථාවේදී නිවසේ සිටි කාන්තාවන් සහ ඊබ්‍රාහිම් හාජ්ජියාර් කිසිදු බියවීමක් හෝ කිසිදු කම්පනයකට පත්ව තිබූ බවක් ඔවුන්ගෙන් දිස් නොවුණ අතර, කිසිවක් සිදුනොවූ ආකාරයෙන් ඔවුන් හැසුරුණු බව සාක්ෂිකරු සිය සාක්ෂි අවසානයේදී සඳහන් කළේය.

උසස් නිලධාරීන්ගෙන් ලද උපදෙස් මත තමන් උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර මහතාගේ නායකත්වයෙන් යුතුව එම ස්ථානයට ගිය බවත් තමන් නිවසේ පහළ මාලය පරීක්ෂා කරමින් සිටින අවස්ථාවේ නිලධාරීන් තිදෙනකු උඩු මහලේ කාමරයක් පරීක්ෂා කරමින් සිටියදී බෝම්බයක් පුපුරා ගිය බව ද සාක්ෂිකරු පැවසීය.

මෙම පිපිරීමේ කම්පනයෙන් තමන් සහ පහළ මාලයේ සිටි කාන්තාවන් ඇතුළු සැවොම විසිවී ගොස් බිම වැටුණු බවත් පසුව ඔවුන් සමග වහාම නිවෙසින් එළියට දිව ආ බවත් තමන් දැඩි ලෙස කම්පනයෙන් සිටියද නිවැසියන් එසේ නොමැතිව සාමාන්‍ය ආකාරයෙන් සිටි බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස