සහරාන් සහ ඊබ්‍රාහිම් පුත්තු දේශන පැවැත්වූ සංවිධානයක මූලස්ථානය වටලයි! භාරකරු අත්අඩංගුවට!

May 3, 2020 at 8:14 pm | by emanisa.lk

සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහිම්ගේ පුතුන් දෙදෙනා දේශන පැවැත්වූ සංවිධානයක භාරකරුවෙක් කල්පිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අද(03) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවසුවේ මදුරන්කුලිය පොලිස් වසමේ අසාර් නගර් ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මෙම සංවිධානයේ මධ්‍යස්ථානය වැටලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගන්නා බවයි.

මොහොමඩ් ඊබ්‍රාහිම් යනු කොළඹ කෝටිපති තොග වෙළෙඳ ව්‍යාපාරිකයකු වන අතර ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකි.

මරාගෙන මැරුණු ඔහුගේ එක් පුතෙකු විවාහ වී සිටියේ රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මක්කල් පක්ෂයේ භාණ්ඩාගාරික සමගය.

 

 

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස