මුස්ලිම් අයට විතරක් මේ රටේ වෙච්ච අසාධාරණය මොකක්ද? මේ වගේ පිස්සෝ එක්කං එන්න එපා! – මහින්ද ඊබ්‍රාහිම් බැන පන්නා ගනී…

April 29, 2019 at 8:25 pm | by admin

යූසුෆ් මොහොමඩ් ඊබ්‍රාහිම් යනු ලංකාවේ ප්‍රධාන කුළුබඩු ආනයනකරුවකු වන අතර පසුගියදා හොටෙල් දෙකකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළේ ඔහුගේ පුතුන් දෙදෙනෙකු විසිනි.

ඊබ්‍රාහිම් දැඩි මහින්ද විරෝධියකු වන අතර ඔහුගේ මහින්ද විරෝධය කොටි ත්‍රස්තවාදය පැවති සමය දක්වා දිව යයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ එල්ටීටීඊ ප්‍රහාරය ආරම්භ කරන්නට පෙර පිටකොටුවේ තොග වෙළෙඳුන් රැස්වීම් කීපයකට ගෙන්වා ඇත. මේ රැස්වීම්වලදී ඊබ්‍රාහිම් හා මහින්ද රාජපක්ෂ ගැටී ඇත. මේ ප්‍රශ්නයට මුල් වී ඇත්තේ ඊබ්‍රාහිම් කොටි සටන්කරුවන්ට Freedom Fighters ලෙස සඳහන් කිරීමය.

ඊටත් වඩා ඊබ්‍රාහිම් මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් ගෝත්‍රික ලෙස ඉල්ලීම් ඉදිරිපත් කිරීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී ඇත.

“මුස්ලිම් අයට විතරක් මේ රටේ වෙච්ච අසාධාරණය මොකක්ද? මේ වගේ පිස්සෝ එක්කං එන්න එපා” යැයි රාජපක්ෂ මහතා බැරිම තැන පවසා ඇත.

මහින්ද – ඊබ්‍රාහිම් නයි – මුගටි වෛරය ඇරඹෙන්නේ ඉන් පසුවය.

ඊබ්‍රාහිම්ට පුවත්පත් කලාවේදියකු ලෙස සම්මුඛ සාකච්ඡාවකට ප්‍රශ්න කරන විට මෛත්‍රිපාල සිරිසේන පාලනයට ඔහු එදා හිස් මුදුනින් ආචාර කළේය. ඔහු හැමවිටම සඳහන් කළේ 2015 ජනවාරි 08 වැනිදා දිනාගත් නිදහස ජනතා ජයග්‍රහණය ලෙසය.

අරුණ පුවත්පතේ ලිපියක් ඇසුරිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස