ජාතික නිදහස් දිනයත් ඈවරයි!

January 19, 2019 at 6:37 am | by admin

සෑම වසරකම පෙබරවාරි 04 වැනිදා ‘ජාතික නිදහස් දිනය’ නමින් සමරන ලද නිදහස් දින ජාතික උත්සවය මෙවර ‘නිදහස් දිනය’ යන්න ඉවත් කොට ‘ජාතික දින සැමරුම’ ලෙස වෙනස් කොට සැමරීමට රජය තීරණය කොට තිබේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඒ පිළිබඳ සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඇති සඳහනක් අනුව රජය එම තීරණය ගෙන ඇති බවයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබීමේ සැමරුම 71 වැනි වරට මෙවර පවත්වන්නේ ‘ජාතික දින උත්සවය’ නමින්ය. මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ් මහතා ඇතුළු අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් එම උත්සවය පැවැත්වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස