දුර්වල දූෂිත දේශපාලකයන් නිසා රට වගේම මමත් කලකිරිලා!

January 31, 2019 at 10:00 am | by admin

‘ප්‍රජාතන්ත්‍රවාදය නොහඳුනන ඇතැම් දේශපාලනඥයන්ගේ දුර්වල හා දූෂිත හැසිරීම් හේතුවෙන් රටේ ජනතාවට මෙන්ම දේශපාලනඥයකු ලෙස තමාටද දේශපාලනය පිළිබඳ කලකිරීම් ඇති වෙනවා’ යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් අවධාරණය කරයි.

‘ඇතැම් දේශපාලනඥයන් නීතියේ ආධිපත්‍යයට පවා බලපෑම් සිදු කරමින්, අවිනීත අන්දමින් හැසිරෙනවා. පිළුණු වී ගිය මෙම දේශපාලනය දරුවන් වෙනුවෙන් යහපත් හෙට දිනයක් බලාපොරොත්තු වන කිසිදු මවකගේ හෝ පියකුගේ බලාපොරොත්තුව වන්නේ නැහැ’ යැයි ඇමැතිවරයා සඳහන් කරයි.

‘ළඟම පාසල – හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ කුලියාපිටිය, කිතලව, පූගල්ල මහා විද්‍යාලයේ රුපියල් මිලියන 25ක වියදමින් ඉදිකරන ලද පන්ති කාමර සහිත තෙමහල් පරිපාලන ගොඩනැඟිල්ල සහ රුපියල් මිලියන 20ක වියදමින් ඉදිකළ ද්විතීයික කනිෂ්ඨ විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා එසේ සඳහන් කළේය.

කෙසේ වුවද පාසල් සිසුන් සහ ගුරුවරුන්ට ටැබ් ලබා දීමට අදාළ ටෙන්ඩර් ලබා දීමේ ක්‍රියාවලිය තුළ විශාල අයථා ගනුදෙනු සිදුවෙමින් පවතින බවට පසුගිය කාලය පුරා චෝදනා එල්ල විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *