ළමයි පාසල් නොඑන්නේ විදුහල්පතිවරු සහ ගුරුවරු නිසායි! අපි ගුරුවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාරග ගන්නවා! – අකිල

May 9, 2019 at 8:35 am | by admin

දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස බලපෑම් කරන විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ පාසල් කටයුතු අඩාල වන අන්දමින් විවිධ ප‍්‍රකාශ කරන පිරිස් අතර විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ද සිටින බවට ලැබී ඇති පැමිණිලි අනුව ය. මෙවැනි පිරිස් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට ද කටයුතු කරන බව අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි.

පාසල්වලට සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බව ද එහෙයින් පාසල්වල අධ්‍යාපන කටයුතු සාමාන්‍ය ලෙසින් පවත්වාගෙන යන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ වුවද රටේ දරුවන්ට පාසල් පැමිණෙන ලෙස පැවසුව ද රජයේ මැති ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරීන් සිය දරුවන් පාසල් නො එවන බවට ගුරු සංගම් චෝදනා කරති.

දරුවන් පාසල් නොපැමිණෙන්නේ ගුරුවරුන්ගේ බලපෑම් යැයි නඟන අභූත චෝදනා ප්‍රතික්ෂේප කරන එම සංගම් ජනතාව සෑහීමකට පත්වන ආකාරයේ ආරක්ෂක වැඩපිළිවෙළක් ඇති කර පාසල්වල ආරක්ෂාව තහවුරු කරන්නේ නම් සිසුන් පාසල් වෙත පැමිණෙනු ඇතැයි පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස