රූකාන්ත පාර්ලිමේන්තු ගියාම ජනතා පැතුම් ඉටුවෙනවා! – අකිල

February 23, 2019 at 5:54 pm | by admin

තමා දඹදෙනියට පැමිණියේ හිස් අතින් නොව අගමැතිතුමාගේ සංකල්පයක් අනුව රුපියල් ලක්ෂ තුනදාහක් රැගෙන බව ප්‍රකට ගායක රූකාන්ත ගුණතිලක පවසයි.

එක්සත් ජාතික පක්ෂ දඹදෙනි සංවිධායක ලෙස පත්වීම් ලැබූ රූකාන්ත ගුණතිලක සිය ප්‍රථම ජනහමුවට නාරම්වල නගරයේ දී එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

අලව්ව ප්‍රදේශයේ වෙළෙඳ නගරයක් තැනීමට ද දඹදෙනිය ප්‍රදේශයේ සිද්ධස්ථාන දියුණු කොට සංචාරක ආකර්ශනය නැංවීමට ද කටයුතු කරන බව රූකාන්ත ගුණතිලක සඳහන් කරයි.

මේ අවස්ථාවට සම්බන්ධ වූ එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේ තම උපරිම සහයෝගය රූකාන්තට ලබා දෙන බවත් මාස කිහිපයක් ඇතුළ ඔහු පාර්ලිමේන්තුවට ගිය පසු ජනතා පැතුම් ඉටු වනු ඇති බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *