පසුගිය සිව් වසරේ කිසිම සොයා බැලීමක් නෑ! ජේතවන මහ දාගැබ දිගින් ඉරිතලයි! සිව්

February 11, 2020 at 8:57 am | by emanisa.lk

ලෝකයේ විශාලතම චෛත්‍යය ලෙස සැලකෙන අනුරාධපුර ඓතිහාසික ජේතවන දාගැබ සිව් දිසාවකින් ඉරිතලා ගොස් ඇත.

චෛත්‍යයේ හතරැස් කොටුවේ සිට ගර්භයේ පහලට උතුර, බටහිර හා දකුණු දිසාවලින් මෙම ඉරිතැලීම් විහිදී තිබේ.

මෙම ඉරිතැලීම් දිනෙන් දින වර්ධනය වන බවත් විහාරස්ථානයට ඉහළින් ඉරිතැලුණු කොටස දැඩි අවදානම් තත්ත්වයක පවතින බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ උසස් නිළධාරියෙකු සඳහන් කළේය.

මේ වන විට පුරාවිද්‍යා බලධාරීන් අදාළ ඉරිතැලීම් සහ ඒ සඳහා බලපෑ හේතු සාධක පිළිබඳ පරීක්ෂණවල නිරත වන බව පුරාවිද්‍යා කොමසාරිස්වරයා සඳහන් කරයි.

පසුගිය සමයේ මෙම ඓතිහාසික පූජනීය වස්තු සංරක්ෂණය සඳහා කටයුතු නොකළ බවට සහ ඒ සඳහා යෙදවිය යුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් එවක ඇමති සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිරූපය නංවා ගැනීමට වැය කර ඇති බවටත් චෝදනා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස