පස් වසරකට පෙර පිරිහුණු රටක් භරගත් මම තිරසර සංවර්ධිත රටකට පදනම දැම්මා! – රනිල්

December 31, 2019 at 5:44 pm | by emanisa.lk

වසර පහකට තම ආණ්ඩුව භාර ගත්තේ සමාජ, ආර්ථික සහ දේශපාලනික වශයෙන් පිරිහුණු දේශයක් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ගෙවුණු කාලසීමාව තුළ ජනතාව වෙත සමාජ, දේශපාලන, මානව නිදහස අයත් කරදීම සඳහාත්, ජාත්‍යන්තර වශයෙන් රට පිළිබඳව පැවති අඳුරු ආකල්ප වෙනස් කොට සුහදශීලී වාතාවරණයක් ගොඩනැගීම සඳහාත්, තිරසර සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ ආර්ථික ස්ථාවරභාවයකට පදනම දැමීම සඳහාත් කටයුතු කළ බව නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසයි.

එම ප්‍රජාතන්ත්‍රවාදී සහ සුබවාදී ඉදිරි ගමන එළැඹෙන නව වසරේ ද අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ වගකීම පුරවැසියන් ලෙස සියලු දෙනා සතු බවත් එජාප නායකයා වැඩිදුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස