පක්ෂයට ජනාධිපති කෙනෙක් නැති නිසා දේශපාලන පලිගැනීම් කරන්න බැරිවුණා! මේ පාර එජාපයෙන් ජනපති අගමැති කැබිනට්ටුව පත්කරලා හිතේ හැටියට පළිගන්නවා! – අකිල (video)

October 4, 2019 at 9:57 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයට බලය ලැබුණත් එජාප ජනාධිපතිවරයකු නොමැතිකම නිසා තමන්ට උවමනා ආකාරයට දේශපාලන පළිගැනීම් කිරීමට නොහැකි වූ එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

මේ සඳහා හොඳම විසඳුම තවත් මාස එකහමාරකින් ජනාධිපතිවරයා ද අගමැතිවරයා ද කැබිනට් මණ්ඩලය ද එක්සත් ජාතික පක්ෂයෙන් පත් කර ගැනීම බව මහ ලේකම්වරයා පවසයි.

ඊයේ (03) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති එජාප විශේෂ පක්ෂ සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

වසර 25ක් තිස්සේ එජාපයට ජනාධිපතිවරයකු නොමැති නිසා පක්ෂයට සහ පාක්ෂිකයන්ට විවිධ ගැටලු සහ අපහසුතාවලට මුහුණ දීමට සිදුවූ බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මේ නිසා දේශපාලන පලිගැනීම් අපට උවමනා ආකාරයෙන් කර ගැනීමට අපට නොහැකි වූ බවත් ඒ පිළිබඳ ඇතැමුන් තමන්ගෙන් විමසන බවත් සඳහන කළ ඇමතිවරයා මේ සඳහා හොඳම විසඳුම එජාප ජනපති, අගමැති සහ කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීම බව අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස