ආණ්ඩුවේ මාධ්‍ය දඩයමට සහ දූෂණයට එරෙහිව රූපවාහිනී සේවකයෝ සටනට! (video)

February 22, 2019 at 10:16 am | by admin

ජාතික රූපවාහිනියේ සිදුවන දූෂණ, අක්‍රමිකතා, අසාධාරණ බඳවා ගැනීම් සහ උසස්වීම්වලට එරෙහිව කටයුතු කළ වෘත්තීය සමිති නායකයන්ගේ වැඩ තහනම් කිරීමට එහි සභාපතිනිය ගත් තීන්දුවට එරෙහිව සේවකයෝ ඊයේ උද්ඝෝෂණයකට එක්වූහ.

මේ වන විටත් නියොජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුමේධ අතුලසිරි,වැඩසටහන් එකකයේ අධ්‍යක්ෂ චන්දන සෙනවිරත්න,නිෂ්පාදක ශාලික පෙරේරා යන තිදෙනාගේ වැඩතහනමට ලක් කර තිබේ.

නියෙජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන නීශාන්ත උභයවංශ, විකුම් බස්නායක, ප්‍රියන්ත වෙදමුල්ල යන නිෂ්පාදකවරුන්ගේ ද වැඩ තහනම් කිරීමට පාලනාධිකාරිය උත්සහ දරමින් සිටින බව වාර්තා වෙයි.

රූපවාහිනියේ අදාළ නිලධාරීන් සිටිය දී පිටින් සභාපතිනියගේ හිත මිතුරකු අළවි අධ්‍යක්ෂ ධුරයට පත් කිරීම, දුෂිත ටෙලිනාට්‍ය ගනුදෙනු, අක්‍රමවත් උසස්කිරිම් ඇතුළු බරපතළ චෝදනා ගණනාවක් වර්තමාන රූපවාහිනි සභාපතිනී ඉනෝකා සත්‍යාංගනීගේ පාලනයට එරෙහිව එල්ල වී ඇත.

ඊයේ කළුපටි පැළඳ සේවයට වාර්තා කළ සේවකයෝ වැඩ තහනමට ලක්වූ සේවකයන් වහාම සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වූු අතර ඉදිරි දින කිහිපය ඇතුළතඑය ඉටු නොවුණහොත් බරපතළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වන බවට සේවකයෝ අනතුරු ඇඟවූහ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *