ආණ්ඩුවේ ෆේස්බුක් දඩයම බුකිය අවුළයි! ජනපති අගමැති ..කට පයින් ගසා එළවන දවස දුර නෑ!

July 7, 2019 at 4:02 pm | by emanisa.lk

ජනප්‍රිය සංගීතඥයකු මෙන්ම සමාජජාල ක්‍රියාකාරිකයකු වන ඉරාජ් වීරරත්නගේ නිල ෆේස්බුක් ගිණුම අවලංගු කිරීම නිසා ආණ්ඩුවට එරෙහිව සමාජාලාවල දැඩි විරෝධයක් මතුව තිබේ.

යූටියුබයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වන අශේන් සේනාරත්න පැවසුවේ මේ ආකාරයට ඒකාධිපති වියරුවෙන් කටයුතු කිරීමට සුදානම් වුවහොත් ජනතාව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය මෙන්ම අරලියගහ මන්දිරය වට කර …කට පයින් ගසා ගල් ගසා නායකයන් එළවන දවස වැඩි ඈතක නොවන බවය.

ජනාධිපතිවරයා වාහන පෙළින් යන විට ගල්වලින් පහර දෙනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. ආණ්ඩුවේ මැදිහත් වීමෙන් මිලියනයක් සාමාජිකයන් සිටි සිය ෆේස්බුක් ගිණුම තහනම් කර ඇති බව ඉරාජ් පවසයි.

ෆේස්බුක්හි වේගයෙන් ව්‍යාප්ත මෙම සංවාදය ඇතුළත් වීඩියෝව ද ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස