තවත් බොරු නඩු නොදා ජනතාවට දුන් පොරොන්දු ඉටු කරනු! නඩුවෙන් නිදහස් වූ ජොන්ස්ටන් කියයි!

January 29, 2019 at 7:20 am | by admin

වර්ෂ පහකට අදාල වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් මත ඉදිරිපත් නොකර සිටියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආහාර හා සමූකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියෝග කළාය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පුකර ගැනීමට නොහැකි වීමෙන් හිටපු අමාත්‍යවරයා මෙලෙස නිදොස් කොට නිදහස් කළ මහෙස්ත්‍රාත්වරිය වර්ෂ 5 කට අදාළ නඩු 05 සම්බන්ධයෙන්ම එම තීන්දුව ලබා දුන්නාය.

මීට පෙර පසුගිය ආණ්ඩු සමයේ සතොස ආයතනයේ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග ක‍ළේ ය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ පසු නැවත එම බලවේගය ගොඩ නැඟීම සඳහා අඛණ්ඩව කැප වූ අයෙකි. නඩු තීන්දුව ලබා දීමෙන් පසු මන්ත්‍රීවරයා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ මෙම නඩු රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් පළි ගැනීම සඳහා දැමූ බොරු නඩු බවත් තව දුරටත් මෙවැනි බොරු නඩු පිටුපස නොයා ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරන ලෙසය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස