දෙලක්ෂයක් නැවත ගෙවිය යුතු ගෝඨාට එරෙහි අවනඩුව

January 28, 2019 at 10:40 am | by admin

මේ දිනවල හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාට එරෙහි ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරයට අදාල නඩුව විභාග වෙයි. මේ එම ගනුදෙනුව පිළිබඳ ලියවුණු ලිිපියකි.

ඩී. ඒ. රාජපක්ෂ පදනම විසින් ඩී. ඒ. රාජපක්ෂ උදෙසා සිහිවටනයක් ඉදිකිරීමේ කොන්ත්‍රාත් එක ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට පවරනවා. සංස්ථාවට එහෙම පෞද්ගලික වැඩ භාර ගෙන කරන්න පුළුවන් ද? උත්තරය ඔව්. 1982 අංක 52 පනතින් සංශෝධිත ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා පනතේ 8(ඇ) වගන්තියෙන් ඊට බලය පවරා තිබෙනවා. ඒ අනුව සොහොන, කෞතුකාගාරයක් සහ වැක්ස් ප්‍රතිමාවලින් සමන්විත මෙම ස්මාරකය ඉදි කරන්න රුපියල් මිලියන 33.9ක ඇස්තමේන්තුවක් සකසා 2014 පෙබරවාරි මස පත්‍රිකා අංක 3714 යටතේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගත්තා. මේ වියදම පරිත්‍යාගශීලින්ගෙන් එකතු කර සංස්ථාවට ගෙවීමට ඩී. ඒ. රාජපක්ෂ පදනම සැලසුම් කර තිබුණා.

ශ්‍රමය ලබා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් වාණිජ පදනමින් ඉදි කිරීම් කටයුතු කළේ නාවික හමුදාවෙන්. ඒ සඳහා සංස්ථාව විසින් රුපියල් මිලියන 25ක් නාවික හමුදාවට ගෙව්වා. 2014 නොවැම්බර් 6 දා මෙම ස්මාරකය විවෘත කළා. වසර අවසන් වීමට තිබෙන්නේ මාස දෙකකට අඩු කාලයක්. ආණ්ඩුවේ ව්‍යාපෘති අවසන් කර බිල්පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුණොත් එම මුදල් ආපසු භාණ්ඩාගාරයට යනවා. එබැවින් මෙම ව්‍යාපෘතියේ බිල්පත් ඉදිරිපත් කිරීම අතපසු වුණා. ජනවාරි 8 දින ආණ්ඩුව පෙරලුණ‍ෙ. ඊට පසුවත් ඉන්වොයිසියක් ඉදිරිපත් වෙන්නේ නෑ.

මෙම ඉදි කිරීමේ ඉන්වොයිසිය ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි පදනමෙන් සංස්ථාව ප්‍රශ්න කරනවා. ඉන්වොයිසිය තවම සකසා නොමැති බව පවසා එතෙක් රුපියල් මිලියන 25ක් ගෙවන මෙන් දැනුම් දෙනවා. ඒ අනුව 2015.08.31 දින රු මි 25ක් පදනමින් සංස්ථාවට ගෙවනවා. ඊට පසු සංස්ථාව මිලියන 90.8ක් අන්තිමසතේට කිව්වොත් 90,813,165.02ක් ගෙවිය යුතු බව දැනුම් දෙනවා.

කිසිම සාකච්ඡාවකින් තොරව ඇස්තමේන්තුව මිලියන 33.9 සිට 90.8 දක්වා තුන් ගුණයකින් ඉහළ ගිහින්. මීට පදනමින් විරෝධය පළ කරනවා. අපි එකඟ වුණු මුදල අපි ගෙවන්නම් කියලා මිලියන 25 ගෙවූ පසු ඉතිරි මුදල වන මිලියන 8.9 මුදලක් 2017.07.13 දින ගෙවා දමනවා. ඒ අතරේ සංස්ථාවට අවංකවම මුදලක් වැය වුණා නම් අපි ගෙවන්න සූදානම්. ඒ සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුවක් ලබා ගැනීමට රාජපක්ෂ පදනමින් සංස්ථාවට යෝජනා කරනවා. තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුව කීය ද? රුපියල් මිලියන 33.7යි. එ් අනුව ලක්ෂ දෙකක් වැඩිපුර ගෙවලා. දැන් සංස්ථාව විසින් රාජපක්ෂ පදනමට රු ලක්ෂ දෙකක් ගෙවිය යුතුයි.

ඇස්තමේන්තුව තුන් ගුණයකින් ඉහළ නැගීමට හේතු ගණනාවක් බල පා තිබෙනවා. එකක් තමයි නාවික හමුදාව දැරූ වියදම ද්විත්ව ගණනය වීම. මිලියන 90.8 හදා තිබෙන්නේ නාවික හමුදාවට ගිය වියදමයි සංස්ථාව දැරූ වියදමයි එකතු කරලා. නාවික හමුදාවට ගිය වියදම කොපමණ ද කියා ඇසුවාම මිලියන 29ක් බව පවසා තිබෙනවා. සංස්ථාවේ වියදම මිලියන 61යි. ඒ අතරේ නාවික හමුදාවට ගෙවූ රු. මි. 25ක මුදලත් තිබෙනවා.

දෙවැනි කාරණය තමයි ස්මාරකය ඉදි කරන සමයේ වීරකැටිය පොලීසිය ඉදිරිපිට ඇති උඩුකිරිල්ල වැවත් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඒ වියදමත් මේ ව්‍යාපෘතියට එකතු කරලයි තිබෙන්නේ. මේ ව්‍යාපෘතිය වීරකැටිය වාපෘතිය ලෙසයි නම් කරල තියෙන්නේ. ඩී ඒ රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සහ උඩුකිරිල්ල වැව ප්‍රථිසංස්කරණය කිරීම යන ව්‍යාපෘති දෙකම මෙයට ඇතුළත්. මේ දෙකේම වියදම් අද ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සදහා වියදම් ලෙස දක්වලා තිබෙනවා.

තුන්වෙනුවට මෙහි පිරිවැය පුම්බා පෙන්වන්න අවශ්‍ය නිසා බොරු ගණන් හිලව් ඇතුලත් කර තිබෙනවා. නිදසුනක් විධියට 200 ධාරිතාවයේ Short Arm Excavator සඳහා රුපියල් මිලියන 7.2ක් ගෙවූ බවට බිල්පත් තිබෙනවා. මේ යන්ත්‍රයට පැයකට ගෙවන සම්මත මුදල රු 2,360/-යි. කෑමට තේ බීමට කාලය හැරලා දවසට පැය හයක් වැඩ කලොත් දවසට රු 14,160යි. මිලියන 7.2 ගෙවීමට නම් දවස් 508ක් වැඩ කළ යුතුයි. 2014 පෙබරවාරි මාසයේ ආරම්භකරපු මේ ව්‍යාපෘතිය සම්පුර්ණ කරල 2014 නොමැම්බර් 6 වෙනිද විවෘත කරනවා. මේක වැවක් හෑරීමක් නොවේ. ස්මාරකයක් ඉදි කිරීමක්. පස් හෑරීම වැඩිම වුණොත් මාසයක් තිබේවි. සම්පූර්ණ ව්‍යාපෘතිය මාස නවයකටත් අඩු කාලයක් තුළ දී ඉවර කරලා විවෘතත් කරලා. හැබැයි මාස 17ක් පස් හෑරුවා කියලා වියදමක් පෙන්වනවා.

ඇත්ත තත්ත්වය නම් සංස්ථාව දැරූ වියදමට වඩා රුපියල් ලක්ෂ දෙකක් ඩී. ඒ. රාජපක්ෂ පදනමින් ගෙවා තිබෙනවා. වැඩි ගණනක් අය කළාට රාජපක්ෂ පදනම සංස්ථාවටයි නඩු දාන්න ඕනෑ. එහෙම නැතත් මෙතැන පොදු දේපල අපහරණයක් නෑ. වාණිජමය ගනුදෙනුවක් විතරයි.

(උපුටා ගැනීම Gota2020)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස