ආණ්ඩුවේ කොරෝනා මර්දනය අන්තිම අසාර්ථකයි! ලංකාව ඉන්නේ ලෝකේ අන්තිම රටවල් විස්සේ! – රාජිත

April 22, 2020 at 5:22 pm | by emanisa.lk

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමරිකාවේ ජෝන් හොප්ස්කින්ස් විශ්වවිද්‍යාලය පවසන ආකාරයට ලංකාව සිටින්නේ කොරෝනා මර්දන සටනේ ලොව දුර්වලම රටවල් විස්ස අතර බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

මෙම පරීක්ෂණ කර ඇත්තේ විශිෂ්ට ඇමරිකානු විශේෂඥයන් සහ විද්‍යාඥයන් බව ද රාජිත සේනාරත්න අවධාරණය කළේය.

එසේම ආසියා ෆැසිපික් රටවල් අතර ද ලංකාව ඇත්තේ කොරෝනා මර්දනය දුර්වලම රටවල් අතර බව හෙතෙම පැවසීය.

කොරෝනා රෝගීන් පිළිබඳ ආණ්ඩුව ලබා දෙන වාර්තා පිළිබඳ කිසිවක් කීමට නොහැකි බවත් ඒවා වැරදි වුවද හෙළිවනු ඇත්තේ පසුව බවත් ඇමතිවරයා සඳහන් කළේය.

අද (22) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස