කොරෝනා මාරයාගෙන් ගැළවෙන්න දවසකට කළු තේ 3-4ක් පානය කරන්න! – වෛද්‍ය රමේෂ් පතිරණ (video)

April 6, 2020 at 5:04 pm | by emanisa.lk

දිනකට 3-4 වාරයක් තේ පානය කිරීම කොරෝනා කොරෝනා වෛරසය මර්දනය කිරීමට මෙන්ම වෙනත් ශ්වසන අපහසුතා වළක්වා ගැනීමට හේතු වන බව වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

ලංකාවේ සෙල්සියස් අංශක 26-32ත් අතර උෂ්ණත්වයත් ලාංකිකයන් පුරුද්දක් ලෙස දිනකට තේ 3-4ක් පානය කිරීමත් කොරෝනා වෛරස ආසාදිතයන් සීමා වීමට හේතු වූවා විය හැකි යැයි ද හෙතෙම සඳහන් කළේය.

කොරෝනා රෝගය සඳහා ලොව පුරා විවිධ ඖෂධ අත්හදා බලමින් සිටිය ද රෝගය සුව කර ගැනීමට වඩා වළක්වා ගැනීම හොඳ බව සඳහන් කළ වෛද්‍ය රමේෂ් පතිරණ ඒ සඳහා විවිධ වෛරස් සමග සටන් කිරීමට සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට තේ පානය ඉවහල් වන බව ද සඳහන් කළේය.

වෛරස් නිසා බෝ වන ඉන්ෆ්ලුවන්සා සහ සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්ත්ව පාලනය කර ගැනීමට කළු තේ සහ ග්‍රීන් තේ පානය ඉවහල් වන බව ද විවිධ රටවල සිදුකළ පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය. තේවල අඩංගු කැටෂින්වලට ඉන්ෆ්ලුවන්සා වෛරසය මත පතිත වී එහි ව්‍යාප්තිය පාලනය කළ හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ සඳහා පානය කළ යුත්තේ සාමාන්‍ය තේ (black tea or green tea) මිස ඒවා කිරිපිටි සමග මිශ්‍ර කර නොවන බව විශේෂඥ මතයයි.

https://www.youtube.com/watch?time_continue=152&v=5RssnlR3JJY&feature=emb_title

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස