තාප්පවල චිත්‍ර උඩ පෝස්ටර් ගහන අයට ඡන්දේ දෙන්න එපා! – එස්.එම්. චන්ද්‍රසේන (video)

March 3, 2020 at 2:08 pm | by emanisa.lk

පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමගම තාප්පවල ඇඳි සිතුවම් මත පෝස්ටර් ගසා ඇතැයි පරිසර ඇමති එස්.එම්. චන්ද්‍රසේනප පවසයි.

තරුණයන් ස්වේච්ඡාවෙන් රට පුරා තාප්පවල සිතුවම් ඇඳ ලස්සන කළ රට අවලස්සන නොකරන මෙන් ඇමතිවරයා ඉල්ලා සිටියේය.

එලෙස පෝස්ටර් කටවුඩ් ගසමින් රට විනාශ කරන අයට ජනතාව සිය ඡන්දය ප්‍රකාශ නොකරනු ඇති බවත් අනාගතයේ මේ තත්ත්වය පාලනය කිරීමට පරිසර ඇමතිවරයා ලෙස නීති සම්පාදනයට සූදානම් බවත් හෙතෙම අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස