පෝස්ටර් ගසා ජනපති පරමාදර්ශය කෙළෙසූ හිටපු මහ ඇමති ඉසුරුට සමාජ මාධ්‍යවල බලු බැනුම්!

November 19, 2019 at 6:04 pm | by emanisa.lk

ලෝකයේ ප්‍රථම කාබන් විමෝචක මැතිවරණ ව්‍යාපාරය හඳුන්වා දෙමින් ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සෙසු ජනාධිපති අපේක්ෂකයන් ද අනුගමනය කිරීමට පෙළඹුණු නිසා පරිසර හානිය අවම විය.

මැතිවරණයට අවතීර්ණ වෙමින් ‍ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ තමන්ගේ ප්‍රචාරක ව්‍යාපාර පුරාවට පෝස්ටර්, පොලිතීන් ප්ලාස්ටික් ද්‍රව්‍ය යොදා නොගන්නා ලෙසය.

ජනාධිපති ධුරයට පත්ව සිය පළමු කතාවේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළේ තමන් හඳුන්වා දුන් පරමාදර්ශ හානියට ලක් නොකර සාමකාමීව, ගෞරවාන්විතව ජයග්‍රහණය සමරන ලෙසය.

එහෙත් එම ප්‍රකාශයෙන් පැය විසි හතරක් ඉක්ම යන්නට මත්තෙන් ඇතැම් දේශපාලකයන් විසින් සිය රුව සහිතව ජනාධීපතිවරයාට සුබ පතන පොස්ටර් අලවමින් ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් පරමාදර්ශය කෙළෙසීමට පටන්ගෙන ඇත.

බස්නාහිර හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය විසින් කොළඹ නගරය පුරා අලවා ඇති එවැනි පොස්ටරයකට සමජා ජාලාවල දැඩි විරෝධය එල්ල වී තිබේ.

මෙරට සුවහසක් ජනතාවගේ බලාපොරොත්තුව වූ අලුත් රටක් නව දැක්මක වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රවේශය පුදනකොටම කාපි යකා කියා කෙළෙසා දමන්නට උත්සහ කරන මෙවැනි අවස්ථාවාදී මරි මෝඩයන් වහ වහාම දේශපාලන පිටියෙන් පන්නා ඈත් කර තැබීමට කටයුතු කළ යුතු බව සමාජමාධ්‍යවල අදහස් දැක්වූ බොහෝ දෙනෙකුගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස