මං අපේ තාත්තා එක්ක කෝච්චි කැන්ටිමේ බියර් ගැහුවා! ජනපති

March 7, 2019 at 1:04 pm | by admin

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රචිත The Viceroy Special කෘතියේ සිංහල අනුවාදය ඊයේ (06) එළි දැක්විණි.

“වයිස්රෝයි ස්පෙෂල්“ නමින් එම කෘතිය සිංහලට අනුවාදය එළිදැක්වීම සඳහා
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ පැවති මෙම උත්සවය අමතමින් අදහස් දැක්වූ ජනාධිපතිවරයා තම දුම්රිය අත්දැකීම්ද සිහිපත් කළේය.

“හැත්තෑ එකේ කැරැල්ල හේතුවෙන් මම අවුරුදු එක හමාරක් මඩකළපුව බන්ධනාගාරයේ ඉඳලා නිදහස ලබපු දවසේ මාව ගෙදර එක්කගෙන එන්න තාත්ත මඩකළපුවට ආවේ කෝච්චියෙන්.”

“අපි ආපහු ගෙදර එනගමන් දුම්රියේ ආපන ශාලාවට, තාත්ත මාවත් එක්කගෙන ගියා. මට එතකොට අවුරුදු 21ක් විතර ඇති. ආපන ශාලාවේ මේසයක දෙපැත්තේ අපි දෙන්න වාඩි වුණා. මම නිදහස් වීම ගැන තාත්ත හරි සතුටෙන් හිටියේ.”

“තාත්ත මගේන් ඇහුවා බියර් එකක් බොමුද කියල. මමත් ඔළුව වැනුවා. තාත්ත බියර් එකක් ඕඩර් කළා. බියර් එක වීදුරු දෙකකට දාල එදා අපි දෙන්න බිව්ව. එදායින් පස්සේ කවදාවත් මම බියර් එකක්වත් බීලා නැහැ. ඕවා තමයි මගේ වයිස්රෝයි ස්පෙෂල්“

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස