හේමසිරිට පූජිත්ට ඇප ලබා දීමට එරෙහිව නීතිපති ඉහළ උසාවියට යයි!

July 10, 2019 at 9:33 am | by emanisa.lk

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා විසින් මෙම අභියාචනය කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කිරීමට නියමිත අතර අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් තීන්දුව ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලීමක් සිදුකිරීමට නියමිතය.

නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුව අත්අඩංගුවට ගනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පත්කරනු ලැබූ විශේෂ විමර්ශන කොමිසමේ නිර්දේශයන්ට අනුවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *