ගහයි කිව්වාට මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ! ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා ප්‍රහාර වළක්වන්න අමාරුයි!- ආරක්ෂක ලේකම්

April 23, 2019 at 7:09 am | by admin

ඇතැම් දේවල් සිදුවන බව දැන සිටිය ද හදිසි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රජාතන්ත්‍රවාදී රටක එවැනි ප්‍රහාර වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සීමිත බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විදෙස් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් පැවසීය.

යුද්ධය පැවති කාලයේවත් හොටෙල් ආරක්ෂා කිරීමට ආණ්ඩුව කටයුතු නොකළ බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා රට පුරා ඇති දේවස්ථාන කෙසේ ආරක්ෂා කරන්න දැයි පෙරළා ප්‍රශ්න කළේය.

තැන් තැන්වල ප්‍රහාර සිදුවන බවට තොරතුරු ලැබුණ ද මෙවැනි බරපතළ ප්‍රහාරයක් එල්ල වේ යැයි තමා නොසිතූ බව ද මේ තරම් බරපතළ ප්‍රහාරයක් බලාපොරොත්තු නොවුණු බව ද හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස