ආරක්ෂක ලේකම්ට පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි ජනපති දැනුම් දෙයි!

April 24, 2019 at 3:49 pm | by admin

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට ඉල්ලා අස් වෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ දැනුම් දී ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි.

මේ අතර ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා හමු වී ඇතැයිද වාර්තා වේ.

කෙසේ වුවද මෙතෙක් ඔවුන් දෙදෙනාගේ ප්‍රතිචාර පිළිබඳ කිසිවක් වාර්තා වන්නේ නැත. මෙයට පෙර ජනාධිපතිවරයා පවසා තිබුණේ ව්‍යවස්ථා සභාව මගින් පත් කළ පොලිස්පතිවරයා ඉවත් කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස