ජවිපෙ ආණ්ඩු බලය අරන් ඊළම දෙන්න පොරොන්දු වුණා! ආණ්ඩුව පෙරළන්න ජවිපෙට ආයුධ පුහුණු සහ ආරක්ෂාව කොටි දුන්නා! – කරුණා අම්මාන් ජවිපෙ රහස් වැළක් හෙළි කරයි…

June 30, 2020 at 10:36 pm | by emanisa.lk

පසුගිය දින රහස් පොලිසියට ගිය විණයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්ගෙන් පොලිසිය පැය හතකට අදික කාලයක් කට උත්තර ලබා ගන්නා ලදී රහස් පොලිසියේ නම හෙලිකළ නොහැකි නිළධාරියෙක් අපවෙත ප්‍රකාශ කරනා ලද ආකාරයට කොටි සංවිධාණයට සම්බන්ධ වීමේ සිට ඉන් ඉවත් වීම දක්වා සිදුවූ වැදගත් සිදුවීම් රැසක් ඔහු විසින් හෙළි කර ඇත.

කරුණා අම්මාන් විසින් හෙළි කරන ලද වැදගත්ම තොරතුරක් වන්නෙ කොටි සංවිධාණය විසින් දකුණේ සන්නද්ධ කල්ලිවලට, දේශපාලන පක්ෂවලට සහ පාතාළ කන්ඩායම්වලට පුහුණුව, ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය ලබා දුන් ආකාරයයි.

1987 දී ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව දකුණේ කැරලි ගැසීමට ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් කිහිපයකට නැගෙනහිරදී අවි පුහුණුව ලබා දුන් බවත් පුපුරණ ද්‍රව්‍ය භාවිතය සහ බෝම්බ සෑදීම සම්බන්ධව පුහුණුව ලබා දුන් බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණ කොටි සංවිධානය ක්‍රියාත්මක කිසිම දිස්ත්‍රික්කයක තම පක්ෂයේ දේශපාලන හෝ සන්නද්ධ කටයුතු ක්‍රියාත්මක නොකිරීමටත් තමන් රාජ්‍ය බලය ලබා ගත් පසු දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණන අයිතිය පිළිගැනීමටත් කොටි සංවිධානය සමග ගිවිස ගෙන තිබූ බවට කරුණා අම්මාන් හෙලි දරව් කර ඇත.

කොටි සහ ජවිපේ අතර ගිවිසුම් ප්‍රකාරව 1990 දී පවා ජවිපේ සමහර නායකයන් කොටි පාලන ප්‍රදේශවල රැකවරණ ලබමින් සිට බෝට්ටු හරහා ඉන්දියාවට ගොස් එක්සත් ජාතීන්ගෙ සංවිධාණයේන් දේශපාලන රැකවරණය ලබා යුරෝපයට සංක්‍රමණය වූ බව කරුණාගේ සාක්ෂි වලින් හෙළි වී ඇත. 88-89 සමයේ දකුණේ රජයේ හමුදාවන්ට සහ දේශපාලන නායකයන්ට ප්‍රහාර එල්ල කරන ප්‍රහාරකයන් ප්‍රහාරයවලින් පසු නැගෙනහිර තම කොටි කඳවුරුවල ආරක්ෂාව ලබමින් සැඟව සිට ඇති බවටද කරුණා හෙළිදරව් කර ඇත.

1994ට පසුව පවා ජනතා විමුක්ති පෙරමුණ සහ කොටි සංවිධානය අතර සම්බන්ධය දැඩිව තිබුණ බවටත් පසු කාලීනව ජවිපයේ ක්‍රියාත්මක වීම විශ්වාසනීය මට්ටමක නොමැති නිසා ජවිපය ගැන කොටි සංවිධානය සතුරු ආකල්පයකින් බැලීමට පටන් ගත් නිසා සහ ජවිපය සන්නද්ධ අරගලය අතහැර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට එළඹීම නිසාත් කොටි සංවිධානය සහ ජවිපය අතර සම්බන්ධතා 2000 වසර වන විට බිඳ වැටුණ බව ඔහු ප්‍රකාශ කර ඇත.

ජවිපයට සමගාමීව දකුණෙ ප්‍රා සංවිධානයට මෙන්ව දකුණෙ ක්‍රියාත්මක පාතාළ කල්ලි සමගද කොටි සංවිධානය ක්‍රියාකළ ආකාරය ගැන ද කරුණා අම්මාන් තොරතුරු රැසක් අනාවරණය කර ඇත. විජය කුමාරතුංගට මෙන්ම ඔහුගේ මහජන පක්ෂයට සන්නද්ධ පුහුණුවක් කොටි සංවිධානය ලබා දුන් බවට කරුණා අම්මාන් හෙළි කර ඇත.

ජවිපේ යුධමය වශයෙන් පරාජය වූ පසු දකුණේ පාතාල කල්ලිවලට අවි සහ මත්ද්‍රව්‍ය සපයමින් දකුණේ මත්‍ ද්‍රව්‍ය බෙදා හැරීමට මෙන්ම පැවති සෑම රජයක්ම වාගේ අස්ථාවර කරන ආකාරයේ ඝාතන ඔවුන් ලවා මෙහෙයවීමට කොටි සංවිධානය ක්‍රියාකළ අයුරුද කරුණාගේ සාක්ෂිවලින් හෙළිදරව් වී ඇත. වැඩි දුරටත් සාක්ෂි ලබා දීම සඳහා කරුණා අම්මාන් නැවත රහස් පොලිසියට කැඳවීමට පොලිසිය ඉදිරියෙදී කටයුතු කරනු ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස