කොරෝනා පරදන්න එන්නතක් වගේ කොටි පරදන්න කරුණා යොදා ගත්තා! – ගෙවිඳු කුමාරතුංග

June 25, 2020 at 9:02 am | by emanisa.lk

කිසියම් අවස්ථාවක කොරෝනා රෝග තත්ත්වය සම්පූර්ණයෙන් පරාජය කළ හැක්කේ ඒ සඳහා එන්නතක් සොයාගත් පසු බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක ගෙවිඳු කුමාරතුංග පවසයි.

කොරෝනා වෛරසය මැඩළීම සඳහා එන්නතක් තැනීමේ දී සිදුවන්නේ එම විෂබීජයම පාලනය කර මර්දනය කර එම විෂබීජය මැරීම සඳහා යොදා ගැනීම බවත් ඒ හැර විකල්පයක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරුණා අම්මාන් සම්බන්ධයෙන් සිදුකළේ එය බවත් එම ත්‍රස්තවාදියා පාලනය කර කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා යොදා ගත් බවත් යුතුකම සභාපතිවරයා අවධාරණය කරයි.

එදා කොටි ත්‍රස්තවාදීන්ට ආයුධ, සිමෙන්ති සහ මුදල් ලබා දුන් අය ද 2008 අයවැය පරාජය කර කොටි රැකගැනීමට උත්සාහ කළ ජනතා විමුක්ති පෙරමුණ ද කොටි සංවිධානය චන්ද්‍රිකා-රනිල් පාලන සමයේ හමුදාව දෙතුන් දාහක් මැරූ බව අලුතින් දැනගත් ආකාරයට හැසිරෙන බවට ද චෝදනා කළේය.

වර්තමාන ආණ්ඩුව යටතේ කොරෝනා මරණ 11කට සීමා වුවද එජාප ආණ්ඩුවක් පැවතියේ නම් එදා කොටි සංවිධානය අතින් ජනතාව මැරුම් කෑ ආකාරයටම එම මරණ ගණන 110, 1100, 11000 හෝ 110 000ක් වනු ඇති බව ද ඔහු සිහිපත් කළේය.

යුතුකම ජාතික සංවිධානයේ කළුතර කාර්යාලයේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස