කරුණා අම්මාන්ලා හමුදාව ඝාතනය කළේ සජිත් ප්‍රේමදාසගේ තාත්තා ලබා දුන් ආයුධවලින්! – මහින්ද

June 24, 2020 at 11:15 pm | by emanisa.lk

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය පිළිබඳ කතා කරන පිරිස්වලට, එවකට හමුදා භට පිරිස් ඝාතනය කිරීම සඳහා ඔහුට අවි ලබාදුන්නේ සජිත් ප්‍රේමදාසගේ පියාණන් බව අමතක වී ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ශක්තියක් වන පිරිසක් ඉදිරි මහ මැතිවරණයේ දී තෝරා පත් කර ගත යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස