කරුණාගේ ප්‍රකාශය අපි හෙළා දකිනවා! දළදා මාළිගාවට ගැහුවෙත් ප්‍රභාකරන් නෙමෙයි කරුණා! – සමගි ජන ⁣බලවේගය…

June 20, 2020 at 9:04 pm | by emanisa.lk

මෙවර මහ මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අම්පාර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින විනයාගමුර් ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව රජය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් එම ප්‍රකාශ ඉතා බරපතල ප්‍රකාශයක් බවත් සමගි ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් අපෙක්ෂක හිටපු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ අද (20)  පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ රත්තොට අසාන බල මණ්ඩල රැස්වීමට සහභාගි වූ අවස්ථාවේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වු  රංජිත් අලුවිහාරේ මෙසේද පැවසීය.

‘’රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් මේක.කොරොනා වලින් මැරුණු ගණන් සහ එල්ටිටිඊ සංවිධානයෙන් අපේ රණවිරුවන් මෙන්ම නිරායුධ වැසියන් විශාල වශයෙන් ඝාතානය කළා. අරන්තලා භික්ෂු ඝාතනය. බෞද්ධායගේ මුදුන් මල්කඩක් වන ශ්‍රි දළදා මාළිගාවට ඇතුලු රටේ ප්‍රධාන ස්ථාන කිහිපයකට ප්‍රහාරයන් එල්ල කළේ කරුණා අම්මාන්ගේ සැලසුම්වලට අනුවයි.

වත්මන් රජයේ ජනාධිපති මෙන්ම අගමැතිවරයා විසින් කරුණා අම්මාන්ට විවිධ තනතුරු වරප්‍රසාද ලබා දුන්නා.අද බය නැතිව එම ප්‍රකාශ සිදු කරන්නේ ඒ අයගේ අනු දැනුම මතද කියන එකත් ප්‍රශ්නයක්.

මේ මැතිවරණ සමයේ ප්‍රකාශ කිරිම පිළිබඳව අදාළ අංශ පරික්ෂණ පැවැත්විය යුතුයි. එදා සන්ධානයේ උප සභාපතිකම් පවා කරුණා අම්මාන්ට ලබා දුන්න.විමල් විරවංශ වැනි දේශප්‍රේමි සලු පිළි පැළදගෙන සිටින පිරිසගෙන් අපි අහනවා මේ පිළිබඳව මොනවන කියන්නේ කියලා.

මෙවැනි ප්‍රකාශත් සමඟ ජනතාව යළි තිගැස්සීමකට ලක් වෙනවා. කරුණා අම්මාන් බය නැතිව කියනවා ජනාධිපතිත් අගමැතිත් ආරාධනා කළා කියලා. එදා පැවති ආණ්ඩු සමයේ වචනයක් අල්ලගෙන මේ වත්මන් රජය ඔවුන්ට හිතවත් මාධ්‍ය අල්ලගෙන විවිධ දේ කිව්වා.

අද වචනයක්වත් කතා කරන්නේ නැහැ. අපි සමගි ජනබලවේගය විදිහට මෙම ප්‍රකාශ දැඩි ලෙස හෙළා දකිනවා.මෙවර මහ මැතිවරණයෙන් පසු සමගි ජනබලවේගය බහුතර බලයක් පාර් ලිමෙන්තුවෙන් අපි ලබා ගන්නවා.බහුතර මන්ත්‍රි කැමැත්ත අනුව සජිත් ප්‍රේමදාස මහතා අපි අගමැති බවට පත් කරනවා ඒ සදහා සියලු දෙනාගේ සහය ලබා දෙන ලෙසද ඉල්ලනවා’’ යැයිද ඒ මහතා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස