කරුණා අම්මාන් පොහොට්ටුවේ අපේක්ෂකයෙක් නෙමෙයි! – පොදුජන පෙරමුණ

June 21, 2020 at 2:18 pm | by emanisa.lk

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘‘කරුණා අම්මාන්’’ මෙවර මහ මැතිවරණයේදී සිය පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයෙකු නොවන බව ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය අවධාරණය කරයි.

තමන් එක් රැයකින් යුද්ධ හමුදා සාමාජිකයින් 2000 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කළ බවට ඉකුත් දා ඔහු සිදුකළ ප‍්‍රකාශයත් සමග දේශපාලන වේදිකාවේ ඒ පිළිබඳ දැඩි කථාබහක් මතුවිය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදන් හෙවත් ‘‘කරුණා අම්මාන්’’ මෙවර මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග වදින අපේක්ෂකයෙකු බව ද ඇතැමුන් ප‍්‍රකාශ කර තිබිණි.

එම ප‍්‍රකාශයන්ට ප‍්‍රතිචාර දැක්වූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ “විනයාගමූර්ති මුරලිදන් ද්‍රවිඩ මහ සභා කියන පක්ෂයෙන් අම්පාර මැතිවරණ කොට්ඨාශය සඳහායි ඉදිරිපත්ව තියෙන්නේ.” යනුවෙනි.

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප‍්‍රතිපත්තිවලට අනුගත විය හැකි පිරිස් පමණක් සිය සන්ධානයට එක්කර ගෙන ඇති බව ඔහු මෙහිදී ප‍්‍රකාශ කළේය.

එමෙන්ම සිය සන්ධානය දේශද්‍රෝහී න්‍යාය පත‍්‍රවලට අනුගත වන පිරිස් සමග කටයුතු නොකරන බව ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස