ජනපති අපේක්ෂක ගෝඨා! බැසිල් හෝ චමල් යෝජනා වී නෑ!

March 19, 2019 at 8:00 am | by admin

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පත් කර අවසන් යැයි තමන් සිතන බව හිටපු කතානායක චමල් රාජපක්‍ෂ සඳහන් කරයි.

තමන් හෝ බැසිල් රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ලෙස යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් හෙතෙම පවසයි. උත්සව සභාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

රාජපක්‍ෂ පවුලේ සියලු දෙනා අතර පැවති සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්‍ෂ මීළඟ ජනාධිපති අපේක්‍ෂක ලෙස පත් කිරීමට තීරණය කර ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ විය.

මෙම තීරණය පිළිබඳ ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට චමල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ පිරිසක් ජනපති මුණ ගැසෙනු ඇත.

ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය හිමි වුවහොත් පක්ෂ තීන්දු නොව පොදු මහ ජනතාවගේ ඉල්ලීම මත ප්‍රධාන පක්ෂයකින් තේරී පත්වූ මුල්ම ජනපති අපේක්ෂකයා බවට ඔහු පත්වනු ඇත. පසුගිය කාලය පුරා ගෝඨාභය ජනපති අපේක්ෂකයා කළ යුතු බවට මේ රටේ සාමාන්‍ය ජනතාව වෙතින් විශාල ඉල්ලීමක් මතු විය. එය සමාජජාලාවල ලැව් ගින්නක් සේ පැතිර ගිය අතර භික්ෂූන් වහන්සේලා ඇතුළු ප්‍රභූ පිරිස් ද ඊට එකතු වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස