යල්පැන ගිය ක්‍රමවලට අපරාධ මඩින්න බෑ! – ගෝඨා

February 18, 2019 at 11:12 am | by admin

පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ සමාජයේ මුල් බැස ඇති ගතානුගතික ක්‍රමවේද ඔස්සේ අපරාධ මර්දනය කළ නොහැකි බවය.

හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ මෙම ප්‍රකාශයට විවිධ පාර්ශව සිය දේශපාලන අභිලාෂ අනුව නොයෙක් අර්ථකථන ලබා දුන්නේය.

කෙසේ වුවද හෙතෙම සිය අදහස තවත් උත්සව අවස්ථාවක දෙසුමකදී මෙසේ පැහැදිලි කළේය.

“අපේ කාලෙදි එක ප්‍රදේශයක දිගින් දිගටම මිනී මැරුම් සිද්ධ වෙන්න පටන් ගත්තා. ඒවාට නීතියෙන් ක්‍රියා කරනවාට අමතරව මම කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයට කතා කරල කිව්වා ඒ සිදුවීම්වලට අදාලව සමාජ විද්‍යා විමර්ශනයක් කරල වාර්ථාවක් දෙන්න කියලා.”

“ඔවුන් ඒ දේවල් වළක්වන්න නිර්දේශ දෙකක් ඉදිරිපත් කළා.”

“එකක් තමයි ඒ ප්‍රදේශයේ පන්සලක් පිහිටුවීම.”

“අනික තමයි පාසැලක් ආරම්භ කිරීම.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස