ගෝඨා එක්ක ආණ්ඩු හදනවා කියද්දි බෙල්ල වැළදා ගන්න හිතෙනවා! මේ පාර පැරදුණාට අපට 2025 දිනන්න පුළුවන්!- ෆොන්සේකා

February 10, 2020 at 8:36 pm | by emanisa.lk

පක්ෂය අභ්‍යන්තරයේ තවමත් නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් ඇතත් ජනතාව බලාපොරොත්තු වන වෙනස අලුත් සන්ධානය හරහා සිදුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසීය.

“මේ වෙනකොට පක්ෂය එකඟ වෙලා තියෙනවා සජිත්ගේ නායකත්වයෙන් මහ මැතිවරණයට යන්න. අලුත් සන්ධානයේ නායකයා ලෙස එතුමා අගමැති අපේක්ෂකයා කරනවා. කැමති ලේකම් කෙනෙක් පත් කරගන්න පක්ෂ නායකයා එකඟ වුණා.

ප්‍රබලයන්ගේ හැසිරීම නිසා පක්ෂයට විරුද්ධ විවිධ අදහස් මතු වුණා. පොහොට්ටුව ඒවායින් ප්‍රයෝජනය ගත්තා. අපේ වැරදි අපි පිළිගන්න ඕන. ජනතාව පක්ෂයේ වෙනසක් බලාපොරොත්තු වෙනවා. අලුත් සන්ධානය හරහා ඒ වෙනස කරනවා.

පාක්ෂිකයන්ට වුණ අසාධාරණය අපි දන්නවා. උදව් කරන්න හැකියාව තිබුණ අය උදව් කළේ නෑ. ඒක නිසයි පක්ෂයට මෙහෙම වුණේ. ඒවා කතා කරලා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මාව එලෙව්වා. තව ඉදිරියටත් එහෙම කළාට කමක් නෑ. මේ සන්ධානේ මට ඉන්න පුළුවන්.

සන්ධානයෙන් මම ඡන්දේ ඉල්ලනවා. අපේ පක්ෂයේ ගෞරවය රැකගන්න ඕන. සමහරු කියනවා ගෝඨාභය එක්ක ආණ්ඩු හදනවා කියලා,මට බෙල්ලේ වැළ දාගන්න හිතෙනවා. කොහොමද මෙහෙම මිනිස්සු එක්ක දේශපාලනය කරන්නේ.

නිවට මානසිකත්වයකින් දේශපාලනය කරන්න බෑ. පොහොට්ටුවේ අයත් එක්ක මධුසමයක් ගත කරන්න අපිට අවශ්‍ය නෑ. අතීතයේ හිටං මුදියන්සේ එක්ක මධුසමයෙන් පාඩමක් ඉගෙන ගත්තා. අපි හරියට වැඩ කළොත් 2025 ආණ්ඩුව ගන්න පුළුවන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස