කුඩු සමග ඇල්ලූ එජාප මන්ත්‍රී රිමාන්ඩ්!

August 13, 2019 at 8:16 am | by emanisa.lk

මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභා එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරයකු ආනමඩුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 22 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ පුත්තලම, මුරුක්කුවටවන, කරුවලගස්වැව පදිංචි දමයන්ත ඒකනායක නමැති 28 හැවිරිදි අයෙකි.

මෙම මන්ත‍්‍රීවරයා ත‍්‍රිරෝද රථයකින් මත්කුඩු රැගෙන යමින් සිටියදී ඊයේ (12 දා) දහවල් ආනමඩුව – පුත්තලම මාර්ගයේ තෝනිගල ගල්වංගුව අසලදී කොටුකරගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර මන්ත‍්‍රීවරයා සන්තකයේ මත්කුඩු මිලිග‍්‍රෑම් 700 ක් තිබී ඇති අතර 28 හැවිරිදි සැකකාර මන්ත‍්‍රීවරයා පුත්තලම, මුරුක්කුවටවන, කරුවලගස්වැව පදිංචිකරුවෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස