මත්කුඩු ජාවාරම්කාරයන්ට රජ කාලේ දඬුවම් දී මරා දැමි යුතුයි!

February 8, 2019 at 12:46 pm | by admin

මත්ද්‍රවව්‍ය ජාවාරම් නිසා මේ රටේ ජීවිත කෙතරම් ප්‍රමාණයක් ද විනාශ වී පවුල් කෙතරම් අනාථ වී ඔවුන්ට ප්‍රතිකාර කිරීමට රටට කෙතරම් ධනස්කන්ධයක් වියදම් කිරීමට සිදුව තිබේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක ප්‍රශ්න කරයි.

එහෙයින් මේ අපරාධකාරයන්ට මරණ දඬුවම හැර දිය යුතු දඬුවම කුමක් දැයි මන්ත්‍රීවරයා විමසයි. මේ ජාවාරමට පොලිස්, බන්ධනාගාර නිලධාරීන් පමණක් නොව මෙයට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතුයි. අපේ රටට වඩා හොඳට ඒ රටේ දී ඒක සිදුවෙනවා නම් අදාළ දඬුවම් ලබා දී එතැනින්ම මෙය නිමා කළ යුතුයි.

ඇතැමුන් මේ අපරාධකාරයන් ලංකාවට ගෙන ඒමට උත්සාහ කළත් එවිට මරණ දඬුවම ලබා දෙනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. ඇතැම් විට විශාල මුදලක් කප්පම් ලෙස ලබා දී ගැලවිය හැකි යැයි මන්ත්‍රීවරයා විශ්වාසය පළ කරයි.

එහෙත් ඒ රටේ දී දඩුවම් ලබා දිය නොහැකි නම් මානව හිමිකම් හෝ කිසිවක් පිළිබඳ නොසිතා මේ රටට ගෙනැවිත් රජ කාලේ දඬුවම් ලබා දී මරා දැමිය යුතුයි. මේ රටේ දේශපාලන තීන්දු තීරණ ගන්නා තැන පිරිසකුත් මේ මාෆියාව සමග සම්බන්ධ ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පවසයි.

අපේ රට කුඩු ජාවාරමින් නිදහස් කරගෙන රටේ තරුණ පරපුර බේරා ගැනීමට ගත හැකි සියලුම පියවර ගත යුතු යැයි මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස