මරණ දඬුවම් කතා මැද කුඩු කිලෝ 60ක් සමග නව දෙනෙක් අත්අඩංගුවට!

July 12, 2019 at 9:54 pm | by emanisa.lk

ගාලු වරායට ආසන්න මුහුදේදී විදෙස් යාත්‍රාවක තිබී හෙරොයින් බවට සැකකරන මත්කුඩු කිලෝ 60ක් සමග පුද්ගලයන් නව දෙනෙකු අද (12) අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදා නිලධාරීන් කළ වැටලීමකදී මෙම මත්කුඩු සහ පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. සැකකටයුතු යාත්‍රාවක් පිළිබඳ ලද තොරතුරු අනුව ගාලු වරායට දකුණින් ගැඹුරු මුහුදේ දී මෙම පිරිස සහ කුඩු තොගය අත්අඩංගුවට පත්ව ඇත.

මෙම නෞකාව ලියාපදිංචි රට, අත්අඩංගුවට පත් පිරිස කුමන ජාතිකයන්ද යන්න හෝ හිමිකරුවන් පිළිබඳ මෙතෙක් කිසිවක් අනාවරණය වී නොමැති අතර පරීක්ෂණ කටයුතු සඳහා එම යාත්‍රාව මේ වන විට ගාලු වරායට රැගෙනවිත් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස