කුඩු අල්ලලා සංදර්ශන කළ ආණ්ඩුව කඩු අල්ලලා හංගන කොට රටේ කට කතා පැතිරෙනවා! – විපක්ෂ නායක

May 11, 2019 at 1:28 am | by admin

රටේ සිදුවන ආරක්ෂක මෙහෙයුම්වල දී අත්අඩංගුවට පත්වන දෑ නොපෙන්වන ලෙස මාධ්‍ය වෙත වාරණ පැනවීම නිසා කටකතා පැතිරෙන්නට වැඩි ඉඩක් නිර්මාණය වන බවත් එම කටකතාවලදී කඩු තුවක්කු බවට පෙරළෙන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

පසුගිය සමයේ සෑම තැනක කුඩු අල්ලමින් මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කළ බවත් ඒ ආකාරයටම මෙම මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගන්නා දෑ ද ජනතාවට පෙන්විය යුතු බව ඔහු පෙන්වා දෙයි. සියලු මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් නොවන බවත් මුස්ලිම් ජනතාව මෙන්ම සිංහල දෙමළ ජනතාව ද සමස්ත රටම අද භීතියට පත්ව ඇතැයි විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස