මත්කුඩු ජාවාරම නිසා ධීවරයෙකුට මූදු යන්නත් නෑ! මේවාට දේශපාලකයෝ සම්බන්ධයි! අගමැතිතුමා නඩුකාරයන්ට කෝල් නොකරන එක ගැන සතුටුයි!

February 1, 2019 at 7:34 am | by admin

මත්ද්‍රව්‍යට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලනඥයන් සිටිනා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල පැවසිය.

මෙම අදහස් පල කළේ රුපියල් මිලියන 500 වියදමින් ඉදිකිරීමට නියමිත වැලිමඩ නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමිනි.

අධිකරණයේ ස්වාධීණත්වය ආරක්ෂා කිරීමේදී විධායකය ලෙස ගරු ජනාධිපතිතුමාට විශාල වගකීමක් තියෙනවා. විනිසුරුවරුන් පත්කිරීම, උසස් කිරීම, විධායකවට අයිති දෙයක්. ව්‍යවස්ථාදායකය ලෙස අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අපි උපරිමයෙන් ක්‍රියා කරනවා. කිසිම හේතුවකින් විනිසුරුවරුන්ට දුරකතන සංවාද අපේ අගමැතිතුමා දීලා නැහැ. ඒ ගැන ඇමතිවරියක් වශයෙන් මම සතුටු වෙනවා. අද හත්ලක්ෂ තිස් දාහකට වඩා නඩු අධිකරණවල තියෙනවා. මේවා කඩිනම්න විසඳිය යුතුයි. ඒ සඳහා අපි ක්‍රියාමාර්ග රැසක් අරගෙන තියෙනවා. කොළඹ තියෙන අභියාචනාධිකරණය තවදුරටත් පලාත් වලට ව්‍යාප්ත කිරීමට ක්‍රියා කළ යුතුයි. බන්ධනාගාර වලට ගිහිල්ලා කතා කරන කොට ඒවායේ රැඳවියෝ ගොඩක් අය කියන්නේ නීතිපති උපදෙස් නැති නිසා ඇප ලබාගන්න බැරිව බන්ධනාගාරෙ ඉන්න වෙලා තියෙනවා.”

“මේ දැන් දුරකතන ඇමතුමක් ආවා වැලිකඩ බන්ධනාගාරයට සැරයන්වරයෙකු හෙරෝයින් අරන් ගිහිල්ලා, අහුවෙලා කියලා. අද බන්ධනාගාරයේ ඇතුලේ ඉඳලා ජාවාරම් කරන්න ඔවුන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි දේශපාලඥයෝ ගෙදර යන්න පුළුවන් අපි ඕනිවෙලාවක ගෙදර යන්නත් ලැහැස්තියි. ඒත් අපි රට වෙනුවෙන් හරි දේ කරන්න ඕනි. අද දවසේ අපේ කාර්යය භාරය කරන්න ඕනි, අපි ශක්තිමත් වැඩ පිළිවෙළක් කරගෙන ආවා, ඒක ඔක්තෝම්බර් 26 වෙනිදා අපිව එලවන්න ආපු හින්දා පොඩ්ඩක් අඩපණ උනා. ඒ වැඩ පිළිවෙල නැවතත් ආරම්භ කරලා තියෙනවා. මත්කුඩු ජාවාරම ගැන අද සමාජය හුගක් දැනුවත් අද මුහුදු යන ධීවරයකුටවත් සැනසිල්ලේ යන්න නැහැ. මොකද මේ මත්කුඩු ප්‍රවාහණය මුහුද හරහාත් වෙනවා. අපි නැහැ කියන්නේ නැහැ මේවාට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයොත් ඉන්නවා. අධිකරණයේ, පොලිසියේ, පැමිණිලි නඩු එන විදිහට අපිට සංතෝෂ වෙන්න බැහැ.” යයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස