අවුරුදු සමයේ කෘත්‍රිම රසකාරක බැහැර කරන්න! දේශීය ආහාර සංස්කෘතියට මුල් තැන දෙන්න! -අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

April 12, 2019 at 2:54 pm | by admin

උදාවන අලුත් අවුරුදු සමයේ ආහාර රස ගැන්විම සඳහා කෘත්‍රිම රසකාරක භාවිතයෙන් වැළකී දේශීය නැවුම් කුළුබඩුවලින් සකස් කරන ලද රසකාරක භාවිතයට ගන්නා ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අලුත් අවුරුදු සමයේදී රට තුළ කෘත්‍රිම රසකාරක භාවිතය ඉහළ යන අතර එය ජනතාවගේ සෞඛ්‍යයට විශාල තර්ජනයක් වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

අනාධිමත් කාලයක සිට පැවත එන දේශීය ආහාර සංස්කෘතිය තුළ අපගේ මුතුන් මිත්තන් ආහාර කල්තබා ගැනීමටත්, ආහාර රසවත් කර ගැනීමටත්, ඖෂධයක් හා සුවද කාරකයක් ලෙසටත් දේශීය කුළුබඩු යොදාගත් බව ආචාර්ය හීන්කෙන්ද ප්‍රකාශ කළේය.

කෘත්‍රිම රසකාරක භාවිත කිරීම තුළින් දියවැඩියාව, පිළිකා ඇතුළු විවිධ බෝ නොවන රෝගාබාධ වැළඳීමේ වැඩි අවධානමක් තිබෙන බවට වර්තමානයේ විවිධ පර්යේෂණ මගින් සොයාගෙන තිබේ.

පාරම්පරික දේශීය ආහාර සංස්කෘතියෙන් ඈත්වීම මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට බලපා ඇත.

ස්වභාවික කුළුබඩු යොදා සැකසූ අපගේ සාම්ප්‍රදායික ආහාර සංස්කෘතියට හුරුවීමෙන් මෙම තත්ත්වයන්ගෙන් වැළකීමේ හැකියාව තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය නිවේදනය මගින් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස