සිරිපා මාර්ගයේ ජල කරාම විසන්ධි කර වතුර විකුණන තක්කඩි වෙළෙන්දෝ!

February 22, 2019 at 12:15 pm | by admin

නල්ලත්නිය-ශ්‍රී පාද මාර්ගයෙන් සිරිපා කරුණාව සඳහා පැමිණෙන වන්දනාකරුවන් ගසා කෑම සඳහා ඇතැම් කූට ව්‍යාපාරිකයින් විවිධ අකටයුතු කරන බව වාර්තා වෙයි. ආහාර පාන ඇතුලු අනෙකුත් භාණ්ඩ අධික මිළ ගණන් යටතේ විකිණීම, ජල බෝතල් විකුණා ගැනීම සඳහා මාර්ගය දෙපස බැතිමතුන්ගේ ප්‍රයෝජනය පිණිස සවි කර ඇති ජල කරාම විසන්ධි කිරීම ආදිය හේතුවෙන් තමන් බලවත් අපහසුතාවට පත්ව සිටින බව වන්දාකරුවෝ පවසති.

ඇතැම් ආපනශාලා, රසකැවිලි කඩ මෙන්ම කුළුබඩු කඩද සිය භාණ්ඩවල මිල ගණන් ප්‍රදර්ශනය නොකර ඉහළ මිල ගණන් අය කරමින් බැතිමතුන් ගසා කති. දුරකතන කාඩ් සඳහා පවා වැඩිපුර මුදල් ලබා ගනිති. පාරිභෝගික අධිකාරියේ උපදෙස් නොතකා පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කරමින් කටයුතු කරන මේ කූඨ වෙළෙඳ පිරිසට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට බලධාරීන් වහාම මැදිහත් විය යුතුය. සාධාරණ ලෙස වෙළඳාමේ නිරත වන ව්‍යාපාරික පිරිසට ද මොවුන් කරන්නේ මහත් හානියකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස