කුළුබඩු ආනයන තහනම අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීමක්!

February 14, 2019 at 11:31 am | by admin

සිදු කළ හැකි විනාශය සිදු කර ශ්‍රී ලංකාවට කුළු බඩු ආනයනය කිරීම තහනම් කිරීම ‘අස්සයා පැනගිය පසු ඉස්තාලය වැසීම’ වැනි වැඩක් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ පවසයි.

“කුරුදු ගම්මිරිස් වසාවාසී ඇතුළු දේවල් ආනයනය නතර කරන්න කැබිනට් පත්‍රිකාවක් දාන බවට මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. වසර හතරක් තිස්සේ දේශීය ගොවියාට කරන්න තියෙන හානිය කරලා වසර හතරකට පස්සේ අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ දැන් කියනවා ආනයනය සම්පූර්ණයෙන් අත් හරිනවාලු.”

“ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල ඇමැතිවරු තමුන්ගේ සහෝදරයින් ලවා කුරුදු ගම්මිරස් ගෙනත් ලාංකීය නාමයෙන් ප්‍රති අපනයනය කරලා ශ්‍රී ලාංකීය වෙළඳ නාමය විනාශ කළා. අනෙක් පැත්තෙන් ගොවියා අනාථ කළා.”

අද (14දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *