කඳවුරු තියෙන්නේ රටේ ආරක්ෂාවට උවමනා තැන්වල! දෙමළ සන්ධානයට ඕන විදිහට කඳවුරු අයින් කරන්නේ නෑ! – කමල් ගුණරත්න

November 30, 2019 at 5:02 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින පරිදි උතුරු නැගෙනහිර පළාත්වල හමුදා කඳවුරු ඉවත් නොකරන බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

”හමුදා කඳවුරු ඉවත් වෙන්නේ නැහැ. රජයේ වගකීම තමයි රටේ ආරක්ෂාව සඳහා අවශ්‍ය වන තැන්වල හමුදාව සිටිය යුතුයි. ඒ නිසා කවුරුවත් කිව්ව පළියට ජාතික ආරක්ෂාව පහතට දාලා කාගේවත් ඉල්ලීම්වලට හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැහැ. හමුදා කඳවුරක් තිබ්බා කියලා ඒකෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ. ඒකෙන් මහජනතාවට හානියක් වෙන්නේ නැහැ. ඒකෙන් මහජනතාවට වෙන්නේ සේවයක්. “

මට මතකයි යුද්ධය තිබුණ කාලේ වුණත් ඒ පළාත්වල හදිසියේ කෙනෙක් ලෙඩ වුණොත් ඒ කෙනාව රෝහලට ගෙනිච්චෙ අපි. ඒ වගේම, ඒ දුප්පත් අයගේ ජීවන තත්වය නංවන්න අපි ගොඩාක් උදව් කළා. අපි ඉදිරියටත්, අපේ පොලීසියත්, අපේ හමුදාවත් හැමකෙනෙක්ම සැදී පැහැදී ඉන්නවා අපි එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් මුදා ගත්ත ඒ ජනතාවට අපිට පුළුවන් උපරිමය උදව් කරන්න. අපිට ජාති බේද නෑ. ආගම් බේද නෑ. කුල බේද නෑ. අපි අපේ රටේ සෑම පුරවැසියෙකුටම අපෙන් කෙරෙන්න ඕන යුතුකම් ඉටුකරන්න සැදී පැහැදී ඉන්නවා.”

මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස