යාපනේ හමුදාව සතු ඉඩම් ප්‍රමාණය 1%යි! එම ඉඩම් කිසිසේත් පවරා දෙන්න බෑ!- ආරක්ෂක අංශ

August 31, 2019 at 11:36 am | by emanisa.lk

යාපනයේ අර්ධද්වීපයේ පිහිටි ඉඩම්වලින් තවදුරටත් ආරක්ෂක හමුදා සතුව ඇත්තේ 1%ක ඉඩම් ප්‍රමාණයක් බව වාර්තා වේ.

මුළු අර්ධද්වීපය අක්කර 25381ක විශාලත්වයකින් යුතු වන අතර ඉන් අක්කර 2655 යුද, නාවික, ගුවන් යන ත්‍රිවිධ හමුදා කඳවුරු පිහිටුවා ඇත.

එම ප්‍රමාණයෙන්ද පලාලි ගුවන් තොටුපොළට අක්කර 1කට ආසන්න භූමි ප්‍රමාණයක් අයත්ව ඇති අතර එය සිවිල් ගුවන් සේවා අධිකාරිය යටතට පත් කිරීමට නියමිතය.

ඉඩම් නිදහස් කරන ලෙසට දෙමළ ජාතික සන්ධානය දිගින් දිගටම රජයට බලපෑම් එල්ල කළද මුළු ඉඩම් ප්‍රමාණයෙන් ආරක්ෂක අංශ භාවිත කරනුයේ සියයට 1%ක් බවත් එම ප්‍රමාණය ලබාදිය නොහැකි බවත් ආරක්ෂක අංශ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස